කොරෝනා වෛරසය සඳහා එන්නතක් සොයා ගත් පසුව පළමු අදියරේදී එය ලබා දිය යුතු පිරිස කවුරුන්දැයි සොයා බලමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.
ඔහු සඳහන් කළේ, මුල් අදියරේදී මෙරට ජනතාවගෙන් සියයට විස්සකට අදාළ එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව පළ කර ඇති බවයි. එන්නත මිලදී ගැනීම සදහා අවශ්‍ය මුලික කටයුතු මේ වන විටත් සිදුවෙමින් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කළා.
කෙසේවෙතත්, කොරෝනා වෛරසයට සාර්ථක එන්නතක් මේ දක්වා සොයාගෙන නොමැති තත්ත්වයක් තුළ එන්නතක් ලබාදීම සදහා සුදුසු පිරිස සෙවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ, එන්නතක් සොයා ගැනීමෙන් පසු එය මෙරට සියළු ජනතාවටම ලබාදිය යුතු බවත් එය දැවැන්ත කි‍්‍රයාවලියක් බවත් ය. එහි මූලික කටයුතු මේ මොහොතේ ආරම්භ නොකළහොත් ශී‍්‍ර ලංකාවට අවස්ථා අහිමිවීමට ඉඩ ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
