බන්ධනාගාර රැඳවියන් නිරෝධායනය සඳහා යොදා ගෙන තිබෙන පැරණි බෝගම්බර බන්ධනාගාරයේ වහලය මත නැඟී රැඳවියන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
එහි රැඳවියන් 800කට ආසන්න ප්රමාණයක් නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර ඉන් රැඳවියන් 30කට හා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
එවන් තත්ත්වයක් තුළ තමන්ට ද කොරෝනා ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින් බැවින් තමන්ට ඉක්මනින් පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙසත් එසේ නොමැති නම් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙසත් විරෝධාතාවයේ නිරත රැඳවියන් ඉල්ලා සිටියි.
