කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. එම ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකිකයින් අතරින් වැඩි පිරිසක් මැද පෙරදිග රටවල්වල සේවය කළ පුද්ගලයින් වේ.ඒ අනුව,
ඒ අනුව, සෞදි අරාබියේ 35 දෙනෙකු, කුවේට්හි 21 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 10 දෙනෙකු ද, කටාර්හි දි 6 දෙනෙකු ද බ්‍රිතාන්‍යයේ විසූ පස් දෙනෙකු ද ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇමරිකාවේදී සහ කැනඩාවේදී ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා බැගින්ද , බහරේන්, ජෝර්දාන් , ජර්මනිය සහ ඉතාලිය යන රටවලදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනා බැගින්ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා.
ඊට අමතරව ඊශ්‍රායලයේදී ද එක් ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
