Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවේ 45 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණ ගණන 45 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි.

කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සිය නිවසේ දී මියගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් උත්සන්න වූ අධිරුධිර පීඩන තත්ත්වය මත ඇති වූ හෘදයාබාධයකි.

ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් මිය ගිය මුළු රෝගින් සංඛ්‍යාව 45ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top