ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද (11) පස්වරු 06.20 වන විට 15,024ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, තවත් නව ආසාදිතයින් 309 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.
අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් සියල්ලම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 11,542ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, අද (11) පෙරවරු 10.00 වන විට ආසාදිතයින් 646 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. ඒ අනුව, වාර්තා වූ ආසාදිතයින්ගෙන් 10,183 දෙනෙකු සුවය ලබා ඇත.
තවද, අද (11) දිනය තුළ දී කොවිඩ් – 19 හේතුවෙන් ජීවිතක්ෂයට පත් වු පුද්ගලයින් තිදෙනෙකු වාර්තා විය. ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 44ක් දක්වා ඉහළ ගියේය. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 4797ක් වේ.
