අද (11) දින මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මරණ පිළිබඳ විස්තර පහත පරිදි වේ.
කොළඹ 11 පදිංචි වයස අවුරුදු 40 ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් ඇතු වූ හෘදයාබාධයකි.
කැළණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 ක පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු 2020.11.01 දින සිට හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය වීම නිසා ඇති වූ හෘදයාබාධයකි.
ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් මිය ගිය මුළු රෝගින් සංඛ්‍යාව 44ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වයි.
