Advertise with Giraya
NEWS

අබිරහස් ලෙස මිය ගිය මාන්තයි ග්‍රාමනිලධාරීවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියා කරන ලෙස මහින්ද දේශප්‍රිය පොලිසියෙන් ඉල්ලයි

මන්නාරම දිස්ත්‍රික්කයේ, මාන්තායි බටහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ ග්‍රාමනිලධාරී එස් විජේයින්ද්‍රන් අබිරහස් ලෙස ඝාතනය කර ඇති බවත් මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියා කරන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් අදාළ පොලිස් බලධාරීන් වෙත ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය මඟින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ ග්‍රාමනිලධාරී එස්. විජයෙන්ද්‍රන්ගේ ඝාතනයට හේතු විය හැක්කේ ඔහු සිය රාජකාරි නිසි ලෙස ඉටු කිරීම විය හැකි බවට සමාජ මාධ්‍යවල පුවත් පැතිරෙන බවයි.

එබැවින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා අපරාධකරුවන්ට එරෙහිව නිති මඟින් ක්‍රියා කරන ලෙස ද එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා. තවද, එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තුමේන්තුව මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ගය හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම්වත් කිරීමට ද කටයුතු කරන ලෙස පොලිස් බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

Giraya News Alerts

කෙසේ වෙතත්, අදාළ ලිපිය වෙත ප්‍රතිචාර දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස අදාළ නිලධාරීන්ට එම ලිපිය යොමු කරන බවත් ඒ සඳහා නිසි උපදෙස් ලබා දුන් බවත් ය.

මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තායි දකුණ ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරී එස්. විජයේන්ද්‍රන් පසුගිය නොවැම්බර් 03 වැනි දින රාත්‍රී මහමග දී අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බව මන්නාරම ඉලුප්පකඩවෙයි පොලීසිය සඳහන් කළා. ඔහුගේ සිරුර පොලීසිය විසින් සොයා ගන්නා අවස්ථාවේ දී තද බල ලෙස පහර දීම් හා තුවාල සිරුරේ දක්නට තිබි ඇත.

එස්. විජයේන්ද්‍රන් නමැති 42 හැවිරිදි මෙම ග්‍රාම නිලධාරීවරයා පළාතේ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාවට නංවන ලද නිලධාරියෙකු වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි අතර ඔහුගේ මරණයට හේතුවත් එවැනි වූ සිද්ධියක ප්‍රතිඵලයක් විය හැකි බවට සැක පහල වී ඇත. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය හා ඉලුප්පකඩවෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top