ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ 42 වන මරණය ලෙස පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරයි. එම පුද්ගලයා පොලිස් රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇත.
පශ්චාත්මරණ පරීක්ෂණයේ දී මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය වීම හේතුවෙන් සිදු වූ හෘදයාබාධයකි.
ඒ අනුව. මේ වන විට ශ්‍රී ලකාවේ වාර්තා වන කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් මිය ගිය මුළු රෝගීන් සංඛ්‍යාව 42ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා දන්වයි.
