Advertise with Giraya
NEWS

අද සිට ක්‍රියාත්මක වන බස් ගාස්තු සංශෝධනය පිළිබඳ ඔබ දැනගත යුතු දේ

අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාව අනුව සිදු කරන ලද බස් ගාස්තු සංශෝධනය නොවැම්බර් 10 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක විය.

ඒ අනුව, කොවිඩ් අවදානම් මට්ටම් එක,දෙක, තුන ලෙස වර්ගකරමින් මෙම බස් ගාස්තු සංශෝධනය සිදු වන බව ගාමිණී ලොකුගේ සඳහන් කළේය.

ඒ අනුව, අවදානම් මට්ටම් එකේදී සෞඛ්‍ය නිරෝධායන උපදෙස් වලට අනුව සාමාන්‍ය පරිදි බස් රථයට මගීන් නංවා ගැනීම සිදු කළ හැකි අතර එහිදී සාමාන්‍ය බස් ගාස්තු අය කරනු ලබයි. අවදානම් මට්මම් දෙකේ දී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් නංවා ගනු ලබන අතර සාමාන්‍ය බස් ගාස්තුව මෙන් 1.2ක් අය කරනු ලබයි. අවදානම් මට්ටම් තුනේ දී ආසන සංඛ්‍යාවෙන් 50%ක් පමණක් මගීන් නංවා ගත යුතු අතර සාමාන්‍ය බස් රථ සඳහා සාමාන්‍ය බස් ගාස්තුවෙන් 1.5, අර්ධ සුඛෝපබෝගී සහ සුඛෝපබෝගී බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2ක් ද, අධි සුඛෝපබෝගී බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.1ක් අය කරනු ලබයි.

Giraya News Alerts

මෙම නව ප්‍රතිපත්ති මාලාව අනුව අද සිට සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2කින් බස් ගාස්තු ඉහළ යන අතර අවම ගාස්තුව රුපියල් 14 දක්වා ඉහළ යනු ඇත.

මෙම කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාව ඊයේ (10) දිනයේ දී ප්‍රවාහන අමාත්‍යාංශයේ දී ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණි.

සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව සකස් කර ඇති කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව බස් රථ ධාවනය කිරීමේදී මගීන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යවරයා එහිදි සඳහන් කළේ ය.

කොවිඩ් වසංගත තත්ත්වය පහව ගිය පසුව බස් රථ ගාස්තු යළිත් පෙර තිබූ අයුරින්ම අය කෙරෙන බව ද අමාත්‍යවරයා පැවසුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top