Advertise with Giraya
NEWS

මැනිං වෙළඳපොල තාවකාලිකව පෑලියගොඩට රැගෙන යයි

පිටකොටුව මැනිං වෙළදපොළ ආශි‍්‍රත නාට්ටාමිවරුන් විශාල පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීම හේතුවෙන් ඇඳිරි නීතිය ඉවත් කළ ද මැනිං වෙළඳපොල විවෘත නොකිරීමට තීරණය කර තිබුණි.

බස්නාහිර පළාතටම පැනවූ ඇදිරි නීතිය ඉකුත් 9 වනදා ඉවත් කිරීමත් සමග මැනිං වෙළදපලද විවෘත වනු ඇතැයි සළකා දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල සිට ගොවීන් සහ ව්‍යාපාරිකයින් සිය අස්වනු තොග රැගෙන පිටකොටුවට පැමිණ තිබුණා. එහෙත් එම තොග භාරගැනීමක් මැනිං වෙළදපලේදී සිදු නොවුනු බැවින් ගොවීන් සහ ව්‍යාපාරිකයින් පත්වූයේ දැඩි දුෂ්කරතාවකටයි.

පිටකොටුව මැනිං වෙළදපල සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ පැවසුවේ ගොවීන්ට සිය අස්වනු විකුණා ගැනීමට නිවැරදි වැඩපිළිවෙලක් සකස් කළයුතු බවයි.

Giraya News Alerts

ඒ අනුව, ලබන සඳුදා දිනයේ සිට පිටකොටුව මැනිං වෙළදපොෙළ තාවකාලිකව පෑලියගොඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ල වෙත රැගෙන යාමට තීරණය කර තිබෙනවා. කෙසේවෙතත්, මෙහිදී සිදුකරන්නේ තොග වෙළදාම් පමණක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළා.

එමෙන්ම, මැනිං වෙළඳපොලේ සේවය කරන සේවකයින් පෑලියගොඩ තාවකාලිකව වෙළඳපොල ක්‍රියාත්මක වන ස්ථානයේ කටයුතු කිරීමට පෙර අනිවාර්යයෙන්ම පීසිආර් පරීක්ෂණය සඳහා යොමු වී තමාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පත අජිත් රෝහණ සඳහන් කළා.

තවද, මේ වන තෙක් පීසීආර් පරීක්ෂණය සඳහා යොමු නොවූ මැනිං වෙළඳපොලේ සේවා සපයන කිසියම් පුද්ගලයෙකු වේ නම් 071- 8591551 යන දුරකථන අංකයෙන් කොළඹ මධ්‍යම දිසාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ජයසේකර ඇමතීමෙන් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගත හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ වනවිට, පිටකොටුව මැනිං වෙළඳපොළ අවට නාට්ටාමිවරුන් 93 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වී ඇත. පවතින තත්ත්වය සලකා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවන්ට ද ඊයේ (10) හදිසි අහඹු පීසීආර් පරීක්ෂණ සිදුකෙරුණා. දඹුල්ල නාගරික ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක පි‍්‍රයන්ත ද සිල්වා පැවසුවේ අහඹු ලෙස තෝරාගත් කම්කරුවන් 50 දෙනෙකුගෙන් සාම්පල ලබාගත් බවයි.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top