ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 14,715ක් ලෙස සටහන් වේ. ඊයේ (10) දිනයේ දී ආසාදිතයින් 430 දෙනෙකු වාර්තා වූ අතර ඔවුන් සියලුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට සම්බන්ධ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.
ඒ අනුව, ඊයේ (10) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක්, එනම්, 251 දෙනෙකුම වාර්තා වි ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ය. එම ආසාදිතයින්ගෙන් 55 දෙනෙකුම කොල්ලුපිටියෙන් වාර්තා වී ඇත.
එමෙන්ම, බන්ධානාගර දෙපාර්තුමේන්තුවට අයත් කුරුවිට බන්ධනාගාරයෙන් එක් ආසාදිතයෙක් ද, බෝගම්බර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 23ක් ද වාර්තා වී තිබෙනවා.
පොලීසියේ නිලධාරීන් 91 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. ඔවුන්ගෙන් 82ක් කොටුව පොලිස් ස්ථානයේ ද, 6ක් පොලිස් මූලස්ථානයේ ද, එක් අයෙක් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ ද,විශේෂ කාර්යාංශයේ එක් අයෙක් සහ ක්‍රීඩා අංශයේ එක් අයෙක් ද වේ.
ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහත පරිදි වේ.
- කොළඹ දිස්ත්‍රික්කය – 251
- කොල්ලුපිටිය – 55
- බ්ලූමැන්ඩල් – 04
- බොරැල්ල – 06
- දෙමටගොඩ – 17
- ග්‍රෑන්ඩ්පාස් – 32
- කෙසෙල්වත්ත – 25
- කිරුළපන – 04
- වැල්ලම්පිටිය – 01
- මාලිගාවත්ත – 20
- දෙහිවල – 01
- කොටහේන – 11
- මරදාන – 20
- මට්ටක්කුලිය – 08
- මිරිහාන – 01
- කොලොන්නාව – 07
- මෝදර – 04
- ගල්කිස්ස – 07
- කොටුව – 28
- ගම්පහ දිස්ත්‍රික්කය – 18
- වත්තල – 03
- මහර – 02
- අත්තනගල්ල – 05
- කැළණිය – 08
- කළුතර දිස්ත්‍රික්කය – 16
- වාද්දුව – 11
- බුලත්සිංහල – 02
- හොරණ – 02
- බේරුවල – 01
- පුත්තලම දිස්ත්‍රික්කය – නාත්තන්ඩිය 06
- රත්නපුර දිස්ත්‍රික්කය – 08
- රත්නපුර – 01
- කුරුවිට – 01
- කිරිඇල්ල – 02
- අයගම -03
- නිවිතිගල – 01
- මහනුවර දිස්ත්‍රික්කය – 04
- තෙල්දෙණිය – 03
- දොළුව – 01
- කෑගල්ල දිස්ත්‍රික්කය – 07
- අරණායක – 06
- ගලිගමුව – 01
- මඩකලපුව දිස්ත්‍රික්කය – වාලච්චේන 01
- ගාල්ල දිස්ත්‍රික්කය – 02
- ගිංතොට – 01
- අහුන්ගල්ල – 01
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක – 01
- නුවරඑළිය දිස්ත්‍රික්කය – මස්කෙළිය 01
