Advertise with Giraya
NEWS

අද දිනට ආසාදිතයින් 430ක්, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 11,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද (10) පස්වරු 09.15 වන විට 14,715ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, තවත් නව ආසාදිතයින් 125 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඒ අනුව, අද (10) දිනය තුළ දී වාර්තා වූ සමස්ත ආසාදතයන් ගණන 430ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් සියල්ලම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 11,233ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, අද (10) පෙරවරු 10.00 වන විට ආසාදිතයින් 657 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. ඒ අනුව, වාර්තා වූ ආසාදිතයින්ගෙන් 9537 දෙනෙකු සුවය ලබා ඇත.

Giraya News Alerts

තවද, අද (10) දිනය තුළ දී කොවිඩ් – 19 හේතුවෙන් ජීවිතක්ෂයට පත් වු පුද්ගලයින් පස් දෙනෙකු වාර්තා විය. ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 41ක් දක්වා ඉහළ ගියේය. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5137ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top