ඉකුත් දින 02 තුළ මැනිං වෙළඳපොල අවට ප්‍රදේශයේ පුද්ගලයින්ගෙන් ලබා ගන්නා සාම්පල අනුව මැනිං වෙළඳපොල අවට සේවය කරන නාටාමිවරුන් 67 කට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව අනාවරණය වී තිබෙනවා.
පිටකොටුව මැනිං වෙළඳපලේ කම්කරුවන් පිරිසකට වෛරසය ආසාදනය වීම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවන්ට ද අද (10) අහඹු පීසීආර් පරීක්ෂණ සිදු කෙරුණා.
මේ අතර, සුපිිරි වෙළඳසැල් ජාලයකට අයත් තිඹිරිගස්යාය හා හැව්ලොක් පාරේ පිහිටි ශාඛා 02 කින් කොරෝනා වෛරසය ආසාදනය වූ තිදෙනෙකු අද හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් සියලූදෙනා එම වෙළඳසැල් දෙකෙහි සේවකයින්. අහඹු ලෙස සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් ඔවුන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ගැනුණා. ආසාදිතයින් වාර්තා වීමත් සමඟ එම සුපිරි වෙළඳසැල් ජාලයේ ශාඛා 02 තාවකාලිකව වසා දමා ඇති අතර එහි සෙසු සේවකයින් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි.
