Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවේ 41 වන කොරෝනා මරණය වාර්තා වෙයි

රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු නිවසේ දී මියගොස් ඇති අතර රාගම රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දි එම රෝගියා කොවිඩ් – 19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මිය යාමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ දීර්ඝ කාලිනව පැවැති පිළිකා රෝගි තත්ත්වය කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් උත්සන්න වීමයි.

ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 41ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top