Advertise with Giraya
Giraya NewsGiraya News
FEATURES

‘ජීවත්වෙලා ඉන්න අය අවදානමට ලක් වෙන්න ඕන නැහැ මිය ගිය කෙනෙක් හින්දා’ – මහාචාර්ය මෙත්තිකා විතානගේ

කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භුමදානය කිරීමට රජය විසින් අවසර ලබා දී ඇති බවත් ඒ සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ස්තූතිය පළ කරමින් සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය විසින් ලිපියක් යොමු කර තිබිණි.

එම නිවේදනය මගින් තව්හීද් ජමාත් සංවිධානය කියා තිබුණේ “ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතිය ගරු කරමින් මුස්ලිම් ජනතාවගේ හැඟීම් අවබෝධ කරගෙන මෘත දේහ භූමදානය කිරීමට අවසර ලබා දුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත්, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, ගරු අධිකරණ ඇමති නීතිඥ අලි සබ්රි මැතිතුමා ඇතුළු වත්මන් රජයටත් මුස්ලිම් ජනතාව වශයෙන් සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය ස්තූතිය පුද කර සිටින” බවයි.

සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින්.

Giraya News Alerts

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ රජය මෙතෙක් එවැනි තීරණයක් ගෙන නැති බවයි. එවැනි අවසරයක් ද මෙතෙක් ලබා දී නැති බව ඔහු සඳහන් කළා.

මේ සම්බසම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති වී පවතින අවස්ථාවක කොරෝනා ආසාදිත රෝගින් භූමදානය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසන්නේ ජීවත්ව සිටින පුද්ගලයින් දහස් ගණනක් මිය ගිය පුද්ගලයෙක් හේතුවෙන් අවදානමට ලක් නොවිය යුතු බවයි.

තවද, කොරෝනා ආසාදිත රෝගීන් මිය ගිය පසුව භුමදානය පිිිිිිිළිබඳව සොය බැලීමට පත් කළ තාක්ෂණික කමිටුව විසින් විද්‍යාත්මක කරුණු මත ශ්‍රී ලංකාවේ දැනට භූමදානය සඳහා නිර්දේශ කර නොමැති බව ද ඇය සඳහන් කළා. එය අදාළ කමිටුවේ පොදු මතය බවත් මහාචාර්යවරිය සඳහන් කරයි.

ඇය මේ බව සඳහන් කළේ, ‘truth with Chamuditha’ යූ ටියුම් චැනලයේ සාකච්ඡාවක් සඳහා එක්වෙමින් ය.

එමෙන්ම, යම්හෙයකින් රජය විසින් කොරෝනා ආසාදිතයින් භූමදානය සඳහා අවසර ලබා දුන්නහොත් එය ජනතාව සහ අනාගත පරම්පරාව අවදානමට ලක් කිරීමක් බවත් ඇය සඳහන් කළා. ඇය මෙම අදහස් පළ කරන අදාළ වීඩියෝව පහතින්.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top