රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ලබන 13 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කරනු ලැබුවා.
රාජ්‍ය මුදල් අවභාවිතය හා 2019 වසරේ ජනාධිපතිවරණ දිනයේදී අවතැන් වූ පිරිසක් ලංගම බස්රථ මගින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රැගෙන ඒම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් හට චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
- රිෂාඩ් බදියුදීන් රිමාන්ඩ්
- බදියුදීන්ගේ පෙත්සම නොවැම්බර් 06ට කල් යයි
- දින 6ක් සැඟව සිටි රිෂාඩ් බදියුදීන් අල්ලයි
