Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

හුදකලා කළ ප්‍රදේශ තුළ හෝ ඒ හරහා ගමන් කිරීමට විශේෂ අවසර පත්‍රයක් ලබා ගැනීම අනිවාර්යයි

හුදකලා කර ඇති ප්‍රදේශ තුළ හෝ ඒ හරහා ගමන් කිරිම සඳහා විශේෂ අවසර පත්‍රයක් ලබා ගැනීම අනිවාර්යය බව පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම මේ වන විටත් නිකුත් කර ඇති නිරෝධායන ඇඳිරි නීති බලපත්‍ර තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන බැවින් හුදෙකලා කර ඇති ප්‍රදේශ හරහා හෝ ප්‍රදේශ තුළ ගමන් කිරිම සඳහා වලංගු නොවන බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

හුදෙකලා කර ඇති ප්‍රදේශ තුළ හෝ හරහා සංචරණය කිරිමට අවසර ලබා දෙනු ලබන්නේ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නිසි බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින්ය.

Giraya News Alerts

ඒ අනුව පහත දැක්වෙන නිවේදනයේ පරිදි හුදෙකලා කොට ඇති ප්‍රදේශ තුළ හෝ එම ප්‍රදේශ හරහා ගමන් කිරිමට අදාළ බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලුම් පත්‍රයක් ආයතන ප්‍රධානියා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top