ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන අද (09) පස්වරු 10.00 වන විට 14,285ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 184 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි. ඔවුන් සියළුදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට අදාළව මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.
ඒ අනුව, අද (09) දිනය වාර්තා වූ ආසාදිතයින් ගණන 356ක් ලෙස සටහන් වේ. මේ වන විට බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ කොරෝනා පොකුරට අදාළව ආසාදිතයින් 10,803ක් හඳුනාගෙන ඇත. සක්‍රීය ආසාදිතයින් ගණන 5370ක් ලෙස සටහන් වේ.
එමෙන්ම, අද (09) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයි 595 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව. මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 8880 දෙනෙකු සුවය ලබා ඇත. ජිවිතක්ෂයට පත් වූ ගණන 36කි.
