ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් සිදු වූ 36 වන මරණය ලෙස කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකගේ මරණය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
අදාළ කාන්තාව පෞද්ගලික රෝහලක සිට IDH රෝහල වෙත මාරු කර එවා ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත් වී ඇත.
දීර්ඝ කාලයක් රෝගාතුරව සිට ඇති ඇය මිය යාමට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.
