Advertise with Giraya
NEWS

ලෝකෙටම හොරෙන් WHO කොවිඩ් එන්නතක් සොයාගෙන ද? ලංකාවෙන් සියයට 20කට එන්නත දෙන්න එකඟ වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

කොවිඩ්-19 වෛරසයේ පැතිරීම වැළැක්වීම සදහා ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 20%කට වෛරසය සදහා වන එන්නතක් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධාන එකගතාවය පළ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මෙම එන්නත ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට ලබාදීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම සාකච්ඡාවේ දී එකඟ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටිනවා.

ඒ අනුව, ඒ සදහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරිම, එන්නත ලබාදෙන පිරිස් තීරණය කිරිම, ඊට අදාල භෞතික සම්පත් කළමණාකරණය, තොරතුරු ලබාගැනීම, කරුණු ගොනු කිරිම ඇතුලු සියලු කරුණු විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් විශේෂ කමිටුවක්ද පත් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Giraya News Alerts

නොවැම්බර් 09 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී මේ බව සාකච්ඡා වී තිබෙනවා. එම රැස්වීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ සහභාගී වී තිබෙනවා.

Fact Check: මේ සම්බන්ධයෙන් “ගිරය” කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ මෙතෙක් එවැනි එන්නතක් හඳුන්වා දී නොමැති බවයි. 100කට අධික එන්නත් ප්‍රමාණයක් සූදානම් කෙරෙමින් පවතින බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එම සියලු එන්නත් පවතින්නේ පරීක්ෂණ මට්ටමේ සහ අත්හදා බැලීම් මට්ටමේ ය. ඇතැම් එන්නත් මානව අත්හදා බැලීම් සඳහා යොදා ගැනෙන අවධියේ ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කරන්නේ 2021 වසරේ මුල් කාලය වනවිට කොවිඩ්-19 වෛරසය සඳහා එන්නතක් සූදානම් කරගත හැකිවනු ඇති බවයි.

එන්නත් සොයා ගැනීමේ නිරත රටවල් කිහිපයක්:

කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් නිෂ්පාදනය කිරීමෙහිලා චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය ඉදිරියෙන් සිටිනවා. රුසියාව සහ ඉන්දියාව ද මේ සඳහා විවිද එන්නත් සොයා ගැනීමේ නිරතව සිටී. මේ සඳහා නිෂ්පාදනය කෙරුණු එක් රුසියානු එන්නතක් එරට සෞඛ්‍ය අංශ මගින් අනුමැතිය ද ලබා දී තිබුණි.

චීනය විසින් නිෂ්පාදිත කොවිඩ් එන්නත රටවල් 10 ජාතීන් 125කට අයත් 60,000ක් පමණ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් වෙත එන්නත් කර අත්හදා බලා ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මීට සති කිහිපයකට පෙර ප්‍රකාශ කළා.

එසේම, ඇමරිකා එක්සත් ජනපදයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම ඒකාබද්ධ වී නිපදවා ඇති එන්නත ද 90%කට වඩා සාර්ථක බව එම සමාගම පවසනවා. එම එන්නත වෛරසය ආසාදනය නොවූ බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ට එන්නත් කිරීමෙන් සිදුකළ පරීක්ෂණයේ දී එය 90%කට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කළ බව එම සමාගම පවසනවා. එය වෛරසයෙන් ආරක්ෂා වීමට යොදා ගන්නා එන්නතක් ලෙස නිපදවා ඇති අතර මාත්‍රා දෙකකින් ලබා දිය යුතු එන්නත් බව වාර්තා වේ. එම එන්නත ද රටවල් 06ක 43,500ක පිරිසක් යොදාගෙන අත්හදා බලා ඇති අතර එම එන්නතට මාසයක් ඇතුළත් අනුමැතිය ලබා ගැනීමට ද එම සමාගම සැළසුම් කර ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top