ප්‍රවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ අද (09) අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිය නිවසේ දී ආරියසිංහ ඔහු අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. මියයන විට ආරියසිංහ මහතා 64 වන වියේ පසුවිය.
මා ළඟටම තව ලංවෙලා, මහ වැස්සට පෙර, තිසර තුඩට, හිත නාඳුන්න කිරිල්ලි යන ගීත රැසක් ගායනා කරමින් රසික හදවත් දිනා සිටි ඔහු දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිටියේය. ඔහු අතිදක්ෂ තබ්ලා වාදකයෙකු ද විය.
