Advertise with Giraya
POLITICS

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු දේශපාලන පලිගැනීම් කොමිසමට

දේශපාලන පළි ගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස වන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාව මත නිකුත් කළ සිතාසියකට අනුව සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු අද (09) දින කොමිසම වෙත පැමිණ තිබෙනවා.

මෙලෙස අදාළ කොමිසම වෙත පැමිණියේ සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, නලීන් බණ්ඩාර, ජේ.සී. අලවතුවල, මයන්ත දිසානායක, සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් ය.

ජනාධිපති කොමිසම වෙත පැමිණි අදාළ මන්ත්‍රීවරුන් තවදුරටත් කොමිසම් සභාව තුළ රැදී සිටින බව වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top