තම රාජකාරී ගිනි අවිය සමඟ පසුගිය ඔක්තෝම්බර් මස 2 වැනි දින සිරිපාගම ප්‍රදේශයේ රාජකාරී කරමින් සිටියදී පලා ගිය රත්නපුර – කුරුවිට පොලිස් ස්ථානයේ සැරයන්වරයා සොය ගැනීමට පොලිස් කණ්ඩායම් 10ක් පත් කර තිබෙනවා.
එලෙස පළා ගිය පොලිස් සැරයන්වරයා කුරුණෑගල ප්‍රදේශයේ ඔහුගේ ඥාති නිවෙස් කිහිපයකට ගොස් ගිනි අවිය පෙන්වා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට 9 දෙනෙකු ඝාතනය කිරීමට අවශ්‍ය බවයි.
එම 9 දෙනා අතර කුරුවිට පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ද සිටින බව ඔහු ඥාතීන්ට ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත්, එම පොලිස් සැරයන්වරයා පළා ගොස් දින 12ක් ගත වුවත් තවමත් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නැහැ.
මෙලෙස පලාගොස් ඇත්තේ පොලිස් සැරයන් 39288 සුමිත් අබේවර්ධන නමැති අයෙකි. මෙම පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් සියලුම පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති බවත් කුරුවිට පොලිසිය පවසයි. ඔහු පිළිබඳ යම් තොරතුරක් ඇත්නම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ද පොලිසිය ඉල්ලයි. 045- 2262223/ 045-2262222/0718591401
