Advertise with Giraya
FOREIGN

ජනපතිවරණයෙන් පැරදුන ට්‍රම්ප්ට බිරිඳත් අහිමි වෙයි !

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් ඉවත්ව ගිය පසුව ඔහුගෙන් දික්කසාද වීමට මෙලනියා ට්‍රම්ප් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘ඩේලි මේල්’ පුවත්පත වාර්තා කරන පරිදි 15 වසරක විවාහ දිවිය අවසන් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කාර්යාලය හැර යන තුරු මෙලනියා ට්‍රම්ප් බලාගෙන සිටියි.

2016 වර්ෂයේදී පැවති ජනාධිපතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීමෙන් පසු මෙලනියා ට්‍රම්ප් හඬමින් සිය මිතුරියකට පවසා ඇත්තේ සිය ස්වාමිපුරුෂයා ජනාධිපතිවරණය ජයගනු ඇති බවට කිසිදු විටක තමන් බලාපොරොත්තු නොවූ බවයි.

Giraya News Alerts

සත්‍ය වශයෙන්ම මෙලනියා ට්‍රම්ප් හට මීට පෙර ට‍්‍රම්ප්ගෙන් දික්කසාද වීමට තීරණය කර තිබුණද සැමියා ජනපති ධුරයට පත්වීම නිසා එය කල් දමා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top