Advertise with Giraya
NEWS

කොරෝනා මරණ සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කළ යුතුයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණ සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ එලෙස සමාලෝචනයක් සිදු නොකරන්නේ නම් සිදුවන කොරෝනා මරණ පිළිබඳ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය භාරගත යුතු බවයි.

එමෙන්ම, මිනුවන්ගොඩ පොකුර ආරම්භ වන විට එම මාස 9 තුළ වාර්තා වී තිබුනේ මෙරට කොවිඩ් මරණ 13 පමණක් බවත් , නමුත් පසුගිය සති 3ක් වැනි කෙටි කාලයකදී මේ වන විට මරණ 22ක් වාර්තා වී තිබෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ පෙන්වා දෙන්නේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යංශ නිකුත් කර තිබෙන දත්ත අනුව මෙම මරන 22න් 11ට ආසන්න ගණනක් වාර්තා වී ඇත්තේ නිවාස ආශ්‍රිතව බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙය ඉතාම භයානක ප්‍රවණතාවක් බව ද ඔහු සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top