Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවේ සිදු වූ 35 වැනි කොරෝනා මරණය

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 35 වැනි කොවිඩ් -19 මරණය වාර්තා වූ බව නොවැම්බර් 08 වැනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කරයි.

78 හැවිරිදි පුද්ගලයා රෝහල්ගත කරන විටත් මියගොස් සිට ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙම මරණයට හේතුව ලෙස අදාළ රෝගියාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් හෘදයාබාධයක් ඇති වීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top