Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ කොරෝනා පොකුර 10,000 ඉක්මවා යයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන අද (08) පස්වරු 6.40 වන විට 13,702ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 283 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි. ඔවුන් සියළුදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට අදාළව මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව, අද (08) දිනය වාර්තා වූ ආසාදිතයින් ගණන 283ක් ලෙස සටහන් වේ. මේ වන විට බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ කොරෝනා පොකුරට අදාළව ආසාදිතයින් 10,220ක් හඳුනාගෙන ඇත. සක්‍රීය ආසාදිතයින් ගණන 5383ක් දක්වා පහළ ගොස් ඇත.

එමෙන්ම, අද (08) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයි 562 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව. මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 8285 දෙනෙකු සුවය ලබා ඇත. ජිවිතක්ෂයට පත් වූ ගණන 34කි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top