Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මධ්‍යම තැපැල් හුවමාරුව සීමිත රාජකාරි කිහිපයක් සඳහා විවෘත කරයි

නොවැම්බර් 09 වැනි දින ඇඳිරි නීති තත්ත්වය ලිහිල් කිරීමත් සමඟ විෂබීජහරණයට ලක් කරන ලද මධ්‍යම තැපැල් හුවමාරුව සීමිත රාජකාරි කිහිපයක් සඳහා පමණක් විවෘත කිරීමට තීරණය කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කරයි.

ඒ අනුව, ජාත්‍යන්තර අධිවේගී තැපෑල (EMS Courier), ව්‍යාපාරික තැපෑල (Business Mail), දේශීය අධිවේගී කුරියර් සේවාව (SL Post Courier) නොවැම්බර් 09 වැනි දින සිට මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කෙරෙනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති සඳහන් කරයි. එමෙන්ම, ලියාපදිංචි ලිපි (Rejistered Letters) අංශය තේරීම් කටයුතු සඳහා අඟහරුවාදා දින විවෘත කිරීමට අපේක්ෂා කරන අතර කොළඹ නරයේ සහ තදාසන්න ප්‍රදේශවල රජයේ කාර්යාල වෙත ලියාපදිංචි ලිපි බෙදීමේ කටයුතු 11 වන බදාදා දින සිට අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

රජයේ හෝ පෞද්ගලික ආයතන සඳහා මුද්දර මුද්‍රා යන්ත්‍ර සම්බන්ධ කටයුතු නොවැම්බර් 09 වැනි දින සිට ඉටු කරගත හැකි අතර ඒ සඳහා දුරකථන අංක 011-2320700 අමතා වේලාවක් වෙන් කර ගත යුතු බව ද දන්වා සිටියි.

Giraya News Alerts

කෙසේ වෙතත්, සීමිත කාර්යය මණ්ඩලයක් යොදවා රාජකාරි ඉටුකර ගැනීමට සිදුව ඇති හෙයින් රාජකාරි කටයුතු යම් ප්‍රමාදයකට ලක්වීමට ඉඩ ඇති බව ද එම නිවේදනයේ සඳහන් කරයි.

සීමිත කාරය් මණ්ඩලයක් යොදවා ගනිමින් තැපැල් හුවමාරුවෙහි රාජකාරි කටයුතු නිරෝධායන ඇඳිරි නීතිය තත්ත්වය යටතේ සිදු කළ ද එම කාරියය මණ්ඩලය අහඹු ලෙස පීසීආර් පරීක්ෂණයකට ලක්කරන ලදුව අවස්ථා තුනකදී ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීම හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු මුළුමනින්ම අත්හිටුවීමට පසුගිය 05 වැනි දින සිට තීරණය කරන ලදී.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top