Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මාතර බන්ධනාගාරයටත් කොරෝනා යයි

මාතර බන්ධනාගාරයේ කාන්තා රැඳවියෙක්ට ද කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.වැලිකඩ බන්ධනාගාරයේ සිට ඉකුත් 01 වනදා මාතර බන්ධනාගාරයට මාරු කෙරුණු කාන්තා රැඳවියෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ සිට ඉකුත් දිනවල මාතර බන්ධනාගාරයට මාරු කෙරුණු කාන්තා රැඳවියන් 07 දෙනෙකු පීසීආර් පරික්ෂණ සදහා යොමු කර තිබූ අතර ඉන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ එක් රැඳවියෙකුට පමණක් බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

මාතර බන්ධනාගාරයේ කාන්තා රැදවියන් 25 දෙනෙකු සහ රැඳවියන් 500 දෙනෙකු පමණ රදවා සිටිනවා. නිලධාරීන් 170 ක් පමණ ද මාතර බන්ධනාගාරයට අනියුක්තව රාජකාරී සිදුකරනු ලබයි.

Giraya News Alerts

ඒ අනුව මේ වනවිට බන්ධනාගාර ආශි‍්‍රතව වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූවන් ගණන 40 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරය, කාන්තා බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාර රෝහල, කොළඹ රිමාන්ඞ් බන්ධනාගාර සහ පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් එම ආසාදිතයින් පිරිස හඳුනා ගෙන තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top