ලොව පුරා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය මේ වන විට කෝටි පහ ඉක්මවා ගොස් ඇති බව ‘worldometer.com’ වෙබ් අඩවිය සඳහන් කරයි. ගත වූ පැය 24 තුළ ලොව පුරා ආසාදිතයින් 598,160 දෙනෙකු වාර්තා වී ඇති බව එම වෙබ් අඩවිය සඳහන් කරයි.
ලොව පුරා රටවල් අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර වෛරසය හේතුවෙන් එරට පුද්ගලයින් 243,257 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර කෝටි 10කට වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත.
ඇ.එ.ජ. පසුව වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණය කෝටි 8 ඉක්මවා ගොස් ඇත. ඉන්දියාවේ වෛරසය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 126,162ක් වේ.
බ්‍රසීලයෙන් කෝටි 5කට අධික ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 161,282ක් වෛරසය හේතුවෙන් මිය ගොස් තිබේ.
ඉන්පසුව වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ පිළිවෙලින් රුසියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය,ආර්ජන්ටිනාව,බ්‍රිතාන්‍යය,කොළොම්බියාව යන රටවල් වලින් ය. එම එක් එක් රටවල්වලින් කෝටියකට අධික ආසාදිතයින් ප්‍රමාණයන් වාර්තා වී තිබෙනවා.
