Advertise with Giraya
NEWS

රැපිඩ් පරීක්ෂණ කට්ටල 50,000ක් ලංකාවට

කොවිඩ්-19 වෛරසය වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා විකල්ප ක්‍රමවේදයක් වන “rapid antigen test” හෙවත් මිනිත්තු 20ක් වැනි කාලයක් තුළ දී ප්‍රතිඵල ලබා ගත හැකි “ක්ෂණික ප්‍රතිදේහජනන පරීක්ෂණය” යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ක්ෂණික ප‍්‍රතිදේහජනන කට්ටල 50,000 ක් අද (08) දිනයේ දී මෙරටට ලැබීමට නියමිතව තිබෙන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කරයි.

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල තොගයක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට සූදානමක් ඇති බවට සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සහ තවත් පාර්ශව කිහිපයක් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මෙහිදී අදහස් පල කළා.

Giraya News Alerts

“මං හිතන්නේ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා කරුණු විකෘති කිරීමකුයි සිදුවෙලා තියෙන්නේ. තාම රජය රැපීඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් මිලදී ගැනීමක් සිදු කරලා නැහැ. ඒ වෙනුවෙන් ටෙන්ඩර් කැඳවිමක් කරලා තියෙනවා. ඒ, ටෙන්ඩර් පටිපාටිය අවසානයේ දී අඩුම මිල ගණන් ඉදිරිපත් කරන කෙනාට ඒ අවස්ථාව ලබා දෙනවා. නමුත් මේ වන තෙක් රජය මඟින් මිලදී ගැනීමක් සිදු වෙලා නැහැ පෞද්ගලික අංශයෙන්. මම සොයලා බැලුවා දැනට ඒ පෞද්ගලික ආයතනයක් මඟින්ගෙන්වනු ලබලා තියෙන්නේ රාජ්‍ය අංශය සඳහා නෙමෙයි. පෞද්ගලික අංශය සඳහා භාවිතා කිරීම සඳහා තමයි ගෙන්වලා තියෙන්නේ. රජයේ යම්කිසි මිලදී ගැනීමක් සිදුවෙනවා නම් එය සම්පූර්ණයෙන්ම ටෙන්ඩර් පටිපාටියට අනුකූලව තමයි සිදුවන්නේ”

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top