ඇමරිකාවේ ජනාධිපතිවරණය ජය ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජෝ බයිඩන් ජය ගැනීමත් සමඟ මැතිවරණය ජය ගැනීමට අවශ්‍ය ඡන්ද විද්‍යාල 270 ප්‍රමාණය ඔහු ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව, ඔහු ලබන ජනවාරි මාසයේ දී ජනාධිපති ධූරයේ රාජකාරි ඇරඹීමට නියමිතයි.
කෙසේවෙතත්, ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. දෙවන වරට ඡන්ද ගණන් කිරීම ආරම්භ කළ ජෝර්ජියා ප්‍රාන්තයේ ප්‍රතිඵල ද මෙතෙක් නිකුත් කර නොමැත.
