Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

බස්නාහිර පලාතේ ඇඳිරි නීතිය හෙට ඉවත් කෙරේ

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) උදෑසන 5.00ට අනිවාර්යයෙන්ම ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

කෙසේවෙතත්, කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් පොලිස් වසම් 12ක් සහ අවදානම් බවට හඳුනාගෙන ඇති මහල් නිවාස සංකීර්ණ කිහිපයක් බාහිර සමාජයට පිවිසිය නොහැකි ආකාරයට හුදකලාවකට ලක් කිරීමට තීරණය කර ඇති බව ද යුද හමුදාපතිවරයා පවසයි.

කොළඹ දිස්ත්‍රික්කය තුළ දැනට හමුවන කොවිඩ් ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් මෙම ස්ථාන තුළින් හඳුනාගන්නා බව යුද හමුදාපතිවරයා පැවසීය.

Giraya News Alerts

ඒ අනුව බස්නාහිර පළාත :

මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ පොලිසිය, ආදුරුප්පුවිදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල, කෙසේල්වත්ත යන පොලිස් බලප්‍රදේශ තවදුරටත් හුදෙකලා කොට ඇත.

ඊට අමතරව මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි මෙත්සද සෙවණ සහ මිහිජය සෙවණ, මෝදර ප්‍රදේශයේ පිහිටි රන්මුතු සෙවණ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි මුවදොර උයන, දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි සිරිසර උයන සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි NHF යන මහල් නිවාස සංකීර්ණ වල සිටින ජනතාවට ඉන් පිටතට යෑමට හෝ කිසිවෙකුට ඇතුල්වීමට ඉඩ ලබා නොදෙන බව යුද හමුදාපතිවරයා කියා සිටියා.

  • ගම්පහ දිස්ත්‍රික්කය : වත්තල, පෑලියගොඩ, සපුගස්කන්ද, කඩවත, රාගම, මිගමුව, පමුණුගම, ජා-ඇල යන පොලිස් බලප්‍රදේශ
  • කළුතර : හොරණ, ඉංගිරිය සහ වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශය
  • කුරුණෑගල : කුරුණෑගල මහ නගර සභා පොලිස්බල ප්‍රදේශය
  • කුලියාපිටිය : කුලියාපිටිය පොලිස් වසම
  • කෑගල්ල : මාවනැල්ල සහ රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශ

මෙලෙස හුදෙකලා කරනු ලැබූ ප්‍රදේශවල සිටින ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ආදිය ලබාදීමට අවශ්‍ය පහසුකම් ක්‍රියාත්මක බවද මෙහිදී හමුදාපතිවරයා සිහිපත් කර සිටියා.

ඉකුත් නොවැම්බර් 02 වනදා උදෑසන බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කර තිබුණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top