Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

අද දිනට වාර්තා වූ ආසාදිතයින් ගණන 445ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන අද (07) පස්වරු 10.00 වන විට 13,415ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන් සියළුදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට අදාළව මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව, අද (07) දිනය වාර්තා වූ ආසාදිතයින් ගණන 445ක් ලෙස සටහන් වේ. මේ වන විට බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ කොරෝනා පොකුරට අදාළව ආසාදිතයින් 9937ක් හඳුනාගෙන ඇත. සක්‍රීය ආසාදිතයින් ගණන 5662ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම, අද (07) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයි 537 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව. මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 7723 දෙනෙකු සුවය ලබා ඇත.
අද (07) දිනයේ දී තවත් කොවිඩ් – 19 මරණ 04ක් වාර්තා වූ අතර ජීවිතක්ෂයට පත් වූ ගණන 34 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top