ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන අද (07) පස්වරු 06.50 වන විට 13,227ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් තවත් නව ආසාදිතයින් 257 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.
ඒ අනුව, මේ වන විට බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ කොරෝනා පොකුරට අදාළව ආසාදිතයින් 9749ක් හඳුනාගෙන ඇති අතර සක්‍රීය ආසාදිතයින් ගණන 5474ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම, අද (07) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයි 537 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව. මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 7723 දෙනෙකු සුවය ලබා ඇත. ජීවිතක්ෂයට පත් වූ ගණන 30කි.
