හෝමාගම මූලික රෝහලේදී ශල්‍යකර්මයක් කළ පුද්ගලයෙකුට අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණයකින්, ඔහු කොවිඩ් – 19 ආසාදිතයෙකු බව අනාවරණය වී තිබෙනවා.
රෝහලේ වෛද්‍ය අධිකාරී ජනිත හෙට්ටිආරච්චි සඳහන් කළේ, අදාළ පුද්ගලයා බීමතින් සිටියදී වෙනත් අයෙක් ඔහුට පිහියෙන් ඇනීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.
එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළවීම හේතුවෙන් ශල්‍ය කර්මයක් ද සිදුකර තිබෙන අතර ඉන් අනතුරුව සිදුකළ PCR පරීක්ෂණයකින් එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව, ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. එමෙන්ම රෝහලේ දැඩිසත්කාර ඒකකය හා ශල්‍යාගාරය තවකාලිකව වසා දැමීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර ඇත.
