පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව මෙහෙය වූ මොහොමඩ් සහරාන් හෂීම්ගේ බිරිඳ වන 25 හැවිරිදි අබ්දුල් කාදර් ෆාතිමා හාදියා හට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ඇය දැඩි ආරක්ෂාවක් යටතේ ප්‍රතිකාර සඳහා අද (07) දින පොළොන්නරුව වැලිකන්ද කොවිඩ් – 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 28 දෙනෙකුට මේ වන විට කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත. ඊයේ දිනයේ දී කාන්තා රැඳවියන් 22 දෙනෙකු හට වෛරසය ආසාදිත බවට තහවුරු වූ අතර සහරාන් හෂිම්ගේ බිරිඳ ද එයින් එක් අයෙක් වේ.
