Advertise with Giraya
NEWS

බෝතල් ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

බෝතල් ප්‍රහාරයකින් අම්බලන්ගොඩ ගොඩහේන ධීවරයෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව වාර්තා වේ. අම්බලන්ගොඩ තිලකපුර පොල්කෑල්ල මාර්ගයේ යතුරු පැදියකින් ගමන්ගත් එකම පවුලේ සහෝදරයින් දෙදෙනාට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු එල්ල කරන ලද බෝතල් ප්‍රහාරයකින් මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි කොම්බු නුවන් නමැති පුද්ගලයෙකි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහුගේ වැඩිමහල් සහෝදරයා රෝහල්ගත කර තිබෙන අතර ඔහු 36 හැවිරිදි කොම්බු සනත් ප්‍රියන්ත නමැත්තා බව පොලීසිය සඳහන් කරයි.

මොවුන් දෙදෙනාම ධීවරයින් වන අතර බෝතල් ප්‍රහාරය එල්ල කළ දෙදෙනා හා බෝතල් ප්‍රහාරයට ලක්වූ සහෝදරයින් දෙදෙනාත් ඥාතීන් බව පවසන පොලිසිය මොවුන් එකට ධීවර කර්මාන්තයේ යෙදෙන අය බව ද පවසයි. ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී සිදු වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වූ බවත් පොලීසිය සඳහන් කරයි.

Giraya News Alerts

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (7 ) පැවැත්වීමට නියමිතයි. අම්බලන්ගොඩ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top