Advertise with Giraya
POLITICS

බැසිල්ට, නාලකට හා සරත්ට කැබිනට් ඇමතිධූර? පළමු සංශෝධනය ගැන ඉඟි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයේ පළමු කැබිනට් සංශෝධනය පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග තොරතුරු වාර්තා කර තිබෙනවා.

2020 මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන “වියත්මග” සාමාජිකයින්ට කැබිනට් වගකීම් දෙන බව මැතිවරණයට පෙර සඳහන් වුවත් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ දී “වියත්මග” කිසිඳු සාමාජිකයෙකුට කැබිනට් වගකීමක් නොලැබුණි.

කෙසේ වෙතත්, වියත්මග කෙරේ විශ්වාසය තබා ඡන්දය දුන් බහුතරයකගේ විශ්වාසය ඒ සමග යම් පළුදුවීමට ලක්වීමත් සමග ඔවුන් පොදුජන පෙරමුණ කෙරේ යම් විශ්වාසය කඩවීමේ ස්වාභාවයකට ලක්විය. ඇතැමුන් සමාජ ජාලා හරහා දැඩි විවේචන එල්ල කළ අතර බොහෝ දෙනෙකු සක්‍රීය ලෙස සහයෝගය ලබා දීමෙන් වැළකී සිටීමට කටයුතු සිදුවිය.

Giraya News Alerts

මේ අතර, පත් කළ ඇතැම් අමාත්‍යවරුන් අතින් සිදුවන අතපසුවීම් වලදී “වියත්මග” ලේබලය අලවා පහර ගැසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ම කටයුතු කළ අවස්ථා සම්බන්ධයෙන් “වියත්මග” සාමාජිකත්වය අතර කතිකාවක් ඇති වී තිබුණි.

මේ අතර, දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ රජයේ පළමු කැබිනට් සංශෝධනය ඉදිරි සති කිහිපය තුළ සිදුවන බවයි. එය සුළු සංශෝධනයක් බවත් අගමැතිවරයා සහ තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සතු අමාත්‍යංශ කිහිපයක් නව කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු වෙත ලබා දීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පවසනවා.

එහිදී අග්‍රාමාත්‍යවරයා යටතේ ඇති මුදල් අමාත්‍යංශය හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහා බැසිල් රාජපක්ෂ මහතා පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ එවැනි කටයුත්තක් සිදු නොවන බවයි. බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් දැනට දරන අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානී ලෙස සිදුකරනු ලබන කටයුතු පිළිබඳ වැඩි අවධානයකින් කටයුතු කරන බව ඔවුන් පෙන්වා දෙනවා.

එසේම වියත්මග සාමාජිකයින් දෙදෙනෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කර ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගත් ආචාර්ය නාලක ගොඩහේවා මහතාට සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කර වැඩිම මනාප ගත් ආචාර්ය සරත් වීරසේකර මහතාට කැබිනට් වගකීම් පිරි නැමීමට සූදානමක් ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව බොහෝ දුරට ඔවුන් දැනට දරන විෂය පථය වෙනස්වනු ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි. ඒ අනුව දැනට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග කැබිනට් මණ්ඩලය 26 දෙනෙකුගෙන් සමන්විත වන අතර තවත් කැබිනට් ධූර 4ක් පත් කිරීමට ව්‍යවස්ථාව අනුව ඉඩ ලැබී ඇත.

කැබිනට් සංශෝධනයක පෙර නිමිති පහළ වීමත් සමග හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ද අමාත්‍යධූරයක් බලපොරොත්තු වන බව මාධ්‍ය හමුවක දී සඳහන් කළේ ය. එසේම ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේම්ජයන්ත් යන මහත්වරුද අමාත්‍යධූර බලපොරොත්තුවෙන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර, එම දෙදෙනාගෙන් හිස්වන රාජ්‍ය අමාත්‍යධූර සඳහා විපක්ෂයෙන් එක් වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පත් කිරීමට සූදානමක් ඇති අතර එයින් එක් අයෙක් දින 52ක කාලයේ පොහොට්ටුව සමග එක් වූ මන්ත්‍රීවරයෙකි.

  1. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
  2. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ - බුද්ධ ශාසන, මුදල්, නාගරික සංවර්ධන අමාත්‍ය
  3. නිමල් සිරිපාල ද සිල්වා - කම්කරු අමාත්‍ය
  4. මහාචාර්ය ජී.එල්.පීරිස් - අධ්‍යාපන අමාත්‍ය
  5. පවිත්‍රා දේවී වන්නිආරච්චි - සෞඛ්‍ය අමාත්‍ය
  6. දිනේෂ් ගුණවර්ධන - විදේශ අමාත්‍ය
  7. ඩග්ලස් දේවානන්දා - ධීවර අමාත්‍ය
  8. ගාමිණි ලොකුගේ - ප්‍රවාහන අමාත්‍ය
  9. බන්දුල ගුණවර්ධන - වෙළඳ අමාත්‍ය
  10. සී.බී.රත්නායක - වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යා
  11. ජනක තෙන්නකෝන් - රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
  12. කෙහෙළිය රඔුක්වැල්ල - ජනමාධ්‍ය අමාත්‍ය
  13. චමල් රාජපක්ෂ - වාරිමාර්ග අමාත්‍ය
  14. ඩලස් අලහප්පෙරුම - විදුලිබල අමාත්‍ය
  15. ජොන්ස්ටන් ප්‍රනාන්දු - මහාමාර්ග අමාත්‍ය
  16. විමල් වීරවංශ - කර්මාන්ත අමාත්‍ය
  17. මහින්ද අමරවීර - පරිසර අමාත්‍ය
  18. එස්.එම්.චන්ද්‍රසේන - ඉඩම් අමාත්‍ය
  19. මහින්දානන්ද අලුත්ගමගේ - කෘෂිකර්ම අමාත්‍ය
  20. වාසුදේව නානායක්කාර - ජලසම්පාදන අමාත්‍ය
  21. උදය ප්‍රභාත් ගම්මන්පිල - බලශක්ති අමාත්‍ය
  22. රමේෂ් පතිරණ - වැවිලි අමාත්‍ය
  23. ප්‍රසන්න රණතුංග - සංචාරක අමාත්‍ය
  24. රෝහිත අබේගුණවර්ධන - වරාය හා නාවික අමාත්‍ය
  25. නාමල් රාජපක්ෂ - තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
  26. අලි සබ්රි - අධිකරණ අමාත්‍ය
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top