Advertise with Giraya
FOREIGN

ඇමරිකානු ජනාධිපතිවරණය: ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණන් කිරීමේ තීරණයක්

ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල තවමත් සිදු වෙමින් පවතින අතර ඊයේ (06) රාති‍්‍රය වනවිට ජෝර්ජියා ප‍්‍රාන්තයේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු අවසන් අදියරයේ පැවතිය අතර ඩිමොක‍්‍රටික් අපේක්ෂක ජෝ බයිඞ්න් ඉදිරියෙන් සිිටින බවට වාර්තා විය.

කෙසේ නමුත්, එරට වත්මන් ජනාධිපති රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ ජෝ බයිඞ්න් අතර ඡන්ද පරතරය ඉතා සුළු ඡන්ද ගණනක් බැවින්, එම ප‍්‍රාන්තයේ ඡන්ද ගණනය කිරීම් නැවත සිදු කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජෝර්ජියා ප‍්‍රාන්තයේ මිලියන 05 කට අධික ඡන්ද ප‍්‍රමාණයක් තිබුණ ද, එහි ඡන්ද ප‍්‍රතිඵලය සමස්ත ජනාධිපතිවරණ ප‍්‍රථිඵලයට සෘජුව බලපාන බැවින් එලෙස එහි ඡන්ද නැවත ගණනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරයේ ප‍්‍රධාන උපදේශක මැට් මෝගන් පවසන්නේ, ජෝර්ජියා ප‍්‍රාන්තයේ ඡන්ද නිසි පරිදි ගණනය කිරීමකට ලක් කළහොත් ට‍්‍රම්ප්ට ජය හිමි වන බවට විශ්වාස කර බවයි. කෙසේ වෙතත්, ඡන්ද ගණනයේදී අක‍්‍රමිකතා සිදුව ඇතැයි පිළිගත නොහැකි බව ජෝර්ජියා ප‍්‍රාන්තයේ ඡන්ද පද්ධති කි‍්‍රයා කරවීමේ කළමණාකරු ගේබි‍්‍රයල් ස්ටර්ලිං ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ වන විට, කොට්ඨාශ 264ක ජය තහවුරු කර ගනිමින් ජෝ බයිඩන් ඉදිරියෙන් පසුවන අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොට්ඨාශ 214ක ජය තහවුරු කර ගෙන ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top