Advertise with Giraya
NEWS

ක්ෂේත්‍ර 55ක් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

මෙරට කොවිඩ් වසංගත තත්ත්වය අවදානම 03 වන අදියරට පැමිණ ඇති බවත් ඒ අනුව මහජනතාවට, ව්‍යාපාරික ස්ථාන සිය දෛනික කටයුතු සිදුකරගෙන යාමට අවශ්‍ය මාර්ගෝපදේශ ක්ෂේත්‍ර 55ක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙනවා.

එම මාර්ගෝපදේශ අනුව අවදානම 03 වන අදියරට පැමිණ ඇති බැවින් පාසල්, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන, උපකාරක පන්ති, ගෘහස්ථ උත්සව, එළිමහන් උත්සව, මහජන රැස්වීම්, සිනමා ශාලා, ළමා උද්‍යාන, සත්වෝද්‍යානය, සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ සාද, පිහිනුම් තටාක, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, ස්පා, නවාතැන් සපයන ස්ථාන තවදුරටත් වසා තැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම මීටර් 1.5ක් දුරකින් එකිනෙකා ගමන් කළ හැකි ආකාරයෙන් සුපිරි වෙළෙඳසල් සහ සාප්පු සංකීර්ණ විවෘත කර තැබීමට අමාත්‍යාංශය අවසර ලබා දී ඇත.

Giraya News Alerts

අදාළ මාර්ගෝපදේශ මාලාව පහතින්.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top