Advertise with Giraya
NEWS

තුන්වෙනි කොරෝනා රැල්ල ලබන වසර මුල වන විට පැමිණිය හැකියි

තුන්වැනි කොරෝනා රැල්ල ලබන වසර මුල වන විට පැමිණිය හැකි බවට පර්යේෂකයන් අනතුරු අඟවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කරයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තුන්වන අවදානම් මට්ටමේදී මෙරට දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නවතම මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තිය සිදුවන අවදානම් මට්ටම් හතරක් පවතින අතර පළමු මට්ටමේදී ආසාදිතයන් හඳුනා ගැනෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණක් වන අතර එහිදී ආසාදිත පොකුරු දක්නට නොලැබේ.

Giraya News Alerts

දෙවන මට්ටමේදී එක් රෝගී පොකුරක් සමඟ එයට සීමා වූ ප්‍රදේශයේ පමණක් ඇඳිරිනීතිය පැනවීම සිදුවන අතර තුන්වන මට්ටමේදී රටේ විවිධ දිස්ත්‍රික්කවලින් රෝගී පොකුරු බිහිවීමත් ඒ ඒ ප්‍රදේශවලට ඇඳිරිනීතිය පැනවීමත් සිදුවෙයි.

සිව්වන මට්ටම ප්‍රජා සම්ප්‍රේෂණය වන අතර එහිදී රටේ විවිධ ප්‍රදේශවලින් කිසිදු මුල් සම්බන්ධයක් නොමැති රෝගී පොකුරු බිහිවීම දක්නට ලැබේ.

ඒ අනුව, තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසර මුල වනවිට පැමිණිය හැකි බවට පර්යේෂකයන් අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අනාවරණ කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top