ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන අද (06) පස්වරු 10.00 වන විට 12,970ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් තවත් නව ආසාදිතයින් 187 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.
ඒ අනුව, මේ වන විට බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ කොරෝනා පොකුරට අදාළව ආසාදිතයින් 9492ක් හඳුනාගෙන ඇති අතර සක්‍රීය ආසාදිතයින් ගණන 5755ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම, අද (06) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයි 563 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව. මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 7186 දෙනෙකු සුවය ලබා ඇත. ජීවිතක්ෂයට පත් වූ ගණන 29කි.
