වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ ඒ අතර කාන්තා රැඳවියන් 22 දෙදෙනෙකු හා පිරිමි රැඳවියෙකු සිටින බවයි. අදාළ ආසාදිතයින්ව වැලිකන්ද කොවිඩ් ප්රතිකාර රෝහලට යැවීමට පියවර ගෙන තිබෙනවා.
ඊයේ (05) දිනයේ දි ද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් සිව් දෙනෙකුට, පිරිමි රැඳවියන් දෙදෙනෙකුට සහ බන්ධනාගාර නියාමකවරයෙකුට කොවිඩ් – 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු විය. එම ආසාදිතයින් හත් දෙනා ද වැලිකන්ද කොවිඩ් ප්රතිකාර රෝහලට යොමු කිරීමට පියවර ගන්නා ලදී.
ඒ අනුව, කොවිඩ් දෙවැනි රැල්ලේ දී වැලිකඩ බන්ධනාගාරයෙන් මේ වන විට ආසාදිතයින් 30 දෙනෙකු හඳුනාගෙන තිබේ.
