ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. අසනීප තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට රාගම රෝහලට ගිය අවස්ථාවේ දී ඇති වූ සැකයක් මත සිදුකළ පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵලය අනුව ඒ බව තහවුරු වී තිබෙනවා.
ස්ථානාධිපතිවරයා නොවැම්බර් 05 දින රාගම රෝහලට ගොස් ඇති අතර ඔහුව පරීක්ෂා කළ වෛද්‍යවරයාට ඇති වූ සැකයක් මත පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කර තිබෙනවා.
එහි වාර්තාව අනුව ස්ථානාධිපතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇතැයි කොවිඩ්-19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය ද තහවුරු කර සිටිනවා. කෙසේ වෙතත්, ඔහුට වෛරසය ආසාදනය වී ඇති ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැත.
ඒ අනුව, තවත් පොලිස් නිලධාරීන් 10 දෙනෙකු රාගම පොලිස් ස්ථානය තුළ ඇති නේවාසිකාගාර තුළ නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන ඇති අතර පොලිස් ස්ථානයේ රාජකාරි සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ලබන බව පොලීසිය කියයි.
-Rivira.lk-
