ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 12,570ක් ලෙස සටහන් වේ. ඊයේ (05) දිනයේ දී ආසාදිතයින් 383 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිදෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.
එමෙන්ම, ඊයේ (05) දිනයේ දී පොලිස් නිලධාරීන් 21 දෙනෙකුට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇති අතර මේ වන විට දිවයින පුරා පොලිස් නිලධාරීන් 358 දෙනෙකුට වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබෙනවා. ඉන් 199 දෙනෙකුම බස්නාහිර පලාතෙන් වාර්තා වී තිබීම විශේෂත්වයක්.
එමෙන්ම, ඊයේ (05) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් සියල්ල වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් වේ. ඒ අනුව, ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශයන් පහතින් දැක්වේ.
- කොළඹ දිස්ත්‍රික්කය – 168
- කොළඹ (1-18) 99
- ග්‍රෑන්ඩ්පාස් 15
- ආදුරුප්පු පාර 10
- කෙරවල පිටිය 7
- දෙහිවල 6
- කොල්ලුපිටිය 5
- බම්බලපිටිය 4
- බොරැල්ල 4
- වැල්ලවත්ත 4
- කෙසෙල්වත්ත 3
- මෝදර 3
- වැල්ලම්පිටිය 3
- කොටහේන 2
- මට්ටක්කුලිය 2
- හෝකන්දර 1
- ගම්පහ දිස්ත්‍රික්කය – 157
- වත්තල 57
- පැලියගොඩ 15
- කැලණිය 13
- රාගම 8
- කොච්චිකඩේ 7
- මිගමුව 7
- හැඳල 7
- ගනේමුල්ල 6
- හුණුපිටිය 6,
- මාකොළ 5,
- සීදුව 5,
- උස්වැටකෙයියාව 5
- වැලිසර 5,
- ජාඇල 4
- වේයන්ගොඩ 3
- හෙයියන්තුඩුව 3
- මහබාගේ 1
මීට අමතරව පහත සඳහන් දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් වාර්තා වී ඇත.
- මාතර දිස්ක්‍රික්කය – 05
- කෑගල්ල දිස්ත්‍රික්කය – 06
- මඩකලපුව දිස්ත්‍රික්කය – 01
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5918ක් වන අතර 6623 දෙනෙකු සුවය ලබා ඇත. ජීවිතක්ෂයට පත් වූ ගණන 29කි.
