Advertise with Giraya
NEWS

NGO හා තානාපති කාර්යාල සමඟ ගිවිසුම් වලට එළඹීම රාජ්‍ය ආයතනවලට තහනම් කරයි

රජයේ ආයතනවලට විදේශ රාජ්‍ය නොවන සංවිධාන සහ තානාපති කාර්යාල සමග කිසිදු ගිවිසුමක් අත්සන් කිරීම ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් තහනම් කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගැනීමට මූලිකවම හේතු වී ඇත්තේ පසුගිය කාලය තුළ කිසිදු අධ්‍යයනකින් තොරව රාජ්‍ය සහ පළාත් පාලන ආයතන එවැනි ගිවිසුම්වලට යොමු වීම හේතුවෙනි.

පසුගිය සමයේ උතුරු පළාත් සභාව පසුගිය සමයේ කැනඩාව සමග එවන් ගිවිසුම්වලට ඇතුළත්ව තිබූ බව ද රජයට හෙළි වී තිබිණි.

Giraya News Alerts

ඒ අනුව, මෙරට කි‍්‍රයාත්මක වන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සහ බටහිර තානාපති කාර්යාල ඔවුන්ගේ න්‍යාය පත‍්‍ර මත රාජ්‍ය ආයතන සමග අවබෝධතා ගිවිසුම්වලට එළැඹී ඇති බවට ද රජයට අනාවරණය වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top