Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් 20කට කොරෝනා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 32 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පැවසීය.

එම ආසාදිතයින් 32දෙනා අතර කුඩා ළමුන් 20 දෙනෙකු සහ මව්වරුන් 12 වන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

එමෙන්ම රෝහලේ වෛද්‍යවරයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට ද ඊයේ (05) දිනයේ හඳුනාගෙන තිබේ. කෙසේවෙතත් එම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇත්තේ රෝහල තුළින් නොවන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පෙන්වාදෙයි.

Giraya News Alerts

මෙම තත්ත්වය තුළ ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණීමට අනියත බියක් ඇති කරගත යුතු නොවන අතර ප්‍රතිකාර සේවා කටයුතු කිසිඳු බාධාවකින් තොරව සිදුවන බව ද රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top