නීතිවිරෝධීව එංගලන්තයේ සිට මෙරටට ගෙන්වන ලද කසළ බහාලුම් 242න් තවත් 82ක් අද (06) දිනයේ දී ප්‍රතිනැව්ගත කිරීමට කටයුතු යොදා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න සඳහන් කරයි.
මීට පෙර දිනකදී අදාළ බහාලුම් 242න් 20ක් එංගලන්තයට ප්‍රතිනැව්ගත කිරීම සිදු විය. අද (06) දිනයේ දී ප්‍රතිනැව්ගත කරන බහාලුම් 82ක් නැව් තුනකින් ප්‍රතිනැව්ගත කරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව, අද උදෑසන බහාලුම් 65කුත්, දහවල් කාලයේ දි බහාලුම් 7කුත් සහ මධ්‍යම රාත්‍රියේ පිටත්වීමට නියමිත නැවකින් බහාලුම් 20කුත් යැවීමට කටයුතු යොදා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
