Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 138 දෙනෙකු මට්ටක්කුලිය මෝදර උයනින්

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 12,187ක් වේ. ඊයේ (05) දිනයේ දී ආසාදිතයින් 443 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 25 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් ද, අනෙක් 418 දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතයින් වේ.

එම 418 දෙනාගෙන් 170 දෙනෙකු කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් – 19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි. එම ආසාදිතයින් 170 දෙනා අතරින් 138 දෙනෙකු මට්ටක්කුලිය මෝදර උයනින් ද, කොළඹ වරායෙන් 11 දෙනෙකු සහ කොළඹ උතුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වී ඇත.

අනෙක් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ දිස්ත්‍රික්ක වශයෙන් පහතින් දැක්වේ.

Giraya News Alerts
  • කොළඹ දිස්ත්‍රික්කයෙන් – 42 (ඉහත දැක්වූ ආසාදිතයින්ට අමතරව)
    • බත්තරමුල්ල – 05
    • හංවැල්ල – 08
    • කොළොන්නාව – 06
    • මෝදර – 06
    • අතුරුගිරිය- 03
    • අංගොඩ – 03
    • මාළඹේ – 02
    • අවිස්සාවේල්ල – 02
    • මොරටුව – 02
    • දෙහිවල / රත්මලාන / පිළියන්දල / රාජගිරිය / කඩුවෙල – 01 බැගින්
  • ගම්පහ දිස්ත්‍රික්කයේ – 62
    • ගම්පහ – 18
    • මහර – 08
    • කටාන – 07
    • මීගමුව – 07
    • බියගම – 11
    • කැළණිය – 11
  • කළුතර දිස්ත්‍රික්කය – 20
    • අගලවත්ත – 05
    • වාද්දුව – 09
    • හොරණ – 06
  • කුරුණෑගල – 02
    • කුරුණෑගල – 01
    • රිදීගම – 01
  • ගාල්ල දිස්ත්‍රික්කය – 02
    • හික්කඩුව – 01
    • බලපිටිය – 01
  • මාතර දිස්ත්‍රික්කය – 03
    • මාතර නගර සභා බල සීමාව – 02
    • අකුරැස්ස – 01
  • රත්නපුර දිස්ත්‍රික්කය – 09
    • ඇහැළියගොඩ – 08
    • සීතාවකපුර – 01
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 06
    • මස්කෙළිය – 02
    • බොගවන්තලාව – 03
    • නානුඔය – 01
  • මහනුවර දිස්ත්‍රික්කය – 03
    • නුවර – 01
    • තලාතුඔය – 02

මීට අමතරව පොලිස් නිලධාරීන් 94 දෙනෙකුට ද ඊයේ (04) දිනයේ දී වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත. ඉන් 41 දෙනෙකු බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් ය. එමෙන්ම, ගුවන් විදුලි සංස්ථාවෙන් ආසාදිතයින් 05 දෙනෙකු ද හඳුනාගෙන ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top